ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ මාසිකව පවත්වන අලෙවිපොළ 2026 /03 /30 දින පවත්වන ලදි.

WhatsApp Image 2026 03 30 at 12.24.52

 

WhatsApp Image 2026 03 30 at 12.24.56 1

50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව සංවිධානය කරන ලද ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල 2026.03.26 දින කටුවන ජාතික පාසැල් ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදි.  
මෙම අවස්ථාවට කටුවන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවිනද සෙනරත් මැතිතුමා, ප්‍රාදේශීය ලේකම් චතුරි දමිත්‍රා මැතිණිය, ක්‍රීඩා නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය.

WhatsApp Image 2026 03 30 at 20.12.33

 

WhatsApp Image 2026 03 30 at 20.12.31 1

"නීති විරෝධී මූල්‍ය ව්‍යාපාර, තහනම් ප්‍රිරමිඩාකාර යෝජනා ක්‍රම, මූල්‍ය වංචා, විධිමත් මූල්‍ය අංශය සහ ආයෝජන" පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු 24 වන දින කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාර්යේදි පවත්න ලදි. මෙය කටුවන ප්‍රදේශිය ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව   සංවිධානය කරන ලදි.

WhatsApp Image 2026 03 24 at 12.01.51 1

 

WhatsApp Image 2026 03 24 at 12.01.51 2

ලෝක කාන්තා දිනය නිමිත්තෙන් පවත්වන ලද වැඩසටහන 2026-03-10 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව එක්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.

WhatsApp Image 2026 03 11 at 11.41.28

WhatsApp Image 2026 03 11 at 11.41.27

Clean Sri Lanka වැඩසටහන යටතේ කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය එකතුවෙන් ක්රියාත්මක කරනු ලබන "දැය නංවන සපිරි ගමක්" ආදර්ශ ගම්මාන වැඩසටහනට අදාලව හම්බන්තොට දිස්ත්රික්කයේ, කටුවන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්ගම්මුල්ල ග්රාම නීලධාරී වසමේ පිටකන්ද ගම්මානය කේන්ද්ර කර ගනිමින් 2026.03.16 වන දින ගම් එළිදැක්වීමේ සමාරම්භක උළෙල පවත්වන ලදි.
මෙම අවස්ථාව සදහා ප්රාදේශීය ලේකම් තුමිය, කටුවන ප්රාදේශීයසභාවේ සභාපති තුමා, කොට්ඨාස භාර ප්රාදේශීය සභා මන්ත්රී තුමා, ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්යක්ෂ තුමිය, කොට්ඨාසයේ රාජ්ය ආයතන රැසක නිලධාරීන් ක්ලීන් ශ්රී ලංකා ප්රාදේශීය නියෝඡිත ඇතුළු වසම් භාර ග්රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරී ප්රජා සවිබල ගැන්වීමේ නිලධාරින්, ඇතුළු රාජ්ය නිලධාරින්ගේ සහ ග්රාමීය කමිටු සාමාජිකයන්, ගම්මානයේ කලාකරුවන් ඇතුළු ප්රජාවගේ සහභාගිත්වයෙන් වැඩසටහන සාර්ථකව සිදුකරන ලදි.

WhatsApp Image 2026 03 17 at 10.54.27

WhatsApp Image 2026 03 17 at 10.54.37

කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  අපනයන සංවර්ධන නිලධාරිනියගේ සහභාගීත්වයෙන් පවත්වන ලද කුරුදු සැකසීම පිළිබද පුහුණු වැඩසටහන 2026/03/16, 17, 19 දින වල පවත්වන ලදී.

WhatsApp Image 2026 03 04 at 15.07.23

WhatsApp Image 2026 03 04 at 15.07.25

News & Events

15
Jun2026
සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද සෞඛ්‍ය සායනය

සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද සෞඛ්‍ය සායනය

කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය...

15
Jun2026
හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල

2026 ජුනි මස 06, 07දෙදින පැවති හම්බන්තොට...

Scroll To Top