කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද සෞඛ්‍ය සායනය මෑල්ලකැටිගොඩ විහාරස්ථානයේදී 2026/06/10/ දින සිදු කරන ලදී.

2026 ජුනි මස 06, 07දෙදින පැවති හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ අනු ශූරතාවය කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා ලදී.

2026/06/05 දින මානසික සුවතාවය පිළිබදව වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය දී පවත්වන ලදී. සම්පත් දායකත්වය : උපදේශන නිලධාරිනි නිලූ අබෙසිංහ මහත්මිය.

සමාජ සේවා අංශය සහ බෞද්ධ කටයුතු අංශය මගින් ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයින්ගේ ආකල්ප වර්ධනය වැඩසටහනක් 2026-06-01 දින පවත්වන ලදි.

දිට්වා ආපදාවට ලක්වූ කටුවන ව්‍යාපාරිකයන්ට ආපදා හානි වෙනුවෙන් චෙක්පත් ප්රදානය සහ වැසිකිලි ඉදිකර ගැනීම සදහා සුදුසුකම්ලත් පුද්ගලයිනට චෙක්පත් ප්රදානය, ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමා. කටුවන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආනන්ද කුලසුන්දර මැතිතුමා සහ ප්‍රාදේශීය ලේකම් චතුරි දමිත්‍රා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2026.06.04 දින ප්‍රදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.

වෙසක් පුන් පොහොය දිනට සමගාමීව කාර්යාලයිය වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය















